නුඹ සිරුරෙහි දැවටුනු
මට නුහුරු සුවදින්
නුඹ හද ගැස්මේ
රිද්මයේ වෙනසින්
හැඳින්නෙමි මම .......
නුඹ වෙනතකට හසුවු බව
මෙයින් මතු
නුඹ දෙස නොබලමි
දැස් කවුලු පත් වස ගනිමි මම
දොඩමලු නොවෙමි
දෙතොල් පියන්පත්
වසාගනිමි මම
නුඹ ගැන නොසිතමි
හද ගැබ දොරගුලු
ලා ගනිමි මම
මේ දිවි කතරේ
අතරමගක හෝ
ඔබ මුනනොගැසෙන්නට
පැතුම් පතමි මම ................
මා ඔබට පෙම් කලද
කිසිදිනෙක
මට හිමි කරගත නොහැක
ඔහු අන්සතු බැවින් ........
නමුත්
ඔහු මා සතු කරගෙන ඇති අතර,
තවෙකෙකු
මා හට පෙම් බැඳ ඇත.
එනමුදු
ඔහුට පුදන්නට ප්‍රේමයක්
මා සතුව නැත
මා ද අන්සතු බැවින් ..............
සකල ලෝකයේ සුන්දරම වස්තුන් නිසා
මිනිසා ලබන එකම දයාදය කඳුලය .......!
යෞවනය සිහිනයකි ,
ආත්මය කඳුලු ගංඟාවකි ,
ප්‍රාර්තනාවන් උඩුසුලඟේය
මලක් වන්නට පැතුවෙමි ,
එහෙත් -------
පිනැති මිනිසුන් නොවේනම්
ආවට වඩා යායුතු දුර බොහෝය
දඩබිම මැදින් වැටී ඇති මවතේ ,
නොමිනිස් කම්වල
මල්පිපී සැලේ ,
පන්හිඳ දෝතට ගෙන
එමල් තලන්නට - ශක්තිය පතමි ඔබෙන්
පිපෙන්නට දහසකුත් කැකුලු
පිනැති උන් පය ගහන
මවතේ ------------- ''
ජීවිතයේ ඉඩෝරය
මට කඳුලක් උනදා
සිත----
ඔබ ඇයි ?
හිමිනැති වසන්තයක්
පිලිබඳ සිහින මැවුවේ ---------
ගිම්හානය පැමින ඇත
හිරු සඳුද මිලින වී
ලොවම ගන දුරු රැයක
ඔබ මගෙන් වෙන් වෙලා
ගිය දිනෙ ඇගෙ ලොවට
තනිඋනා සබඳ මා
අඳුරු දුක්මුසු ලොවක