ආයුබෝවන්!... නොපිපි කුසුම් වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු!!!

Sunday, January 30, 2011

දොඩමලු නොවෙමි


නුඹ සිරුරෙහි දැව‍ටුනු
මට නුහුරු සුවදින්
නුඹ හද ගැස්මේ
රිද්මයේ වෙනසින්
හැඳින්නෙමි මම .......
නුඹ වෙනතකට හසුවු බව
මෙයින් මතු
නුඹ දෙස නොබලමි
දැස් කවුලු පත් වස ගනිමි මම
දොඩමලු නොවෙමි
දෙතොල් පියන්පත්
වසාගනිමි මම
නුඹ ගැන නොසිතමි
හද ගැබ දොරගුලු
ලා ගනිමි මම
මේ දිවි කතරේ
අතරමගක හෝ
ඔබ මුනනොගැසෙන්නට
පැතුම් පතමි මම   ................

Saturday, January 29, 2011

අන්සතු ඔහු හා මා



මා ඔබට පෙම් කලද
කිසිදිනෙක
මට හිමි කරගත නොහැක
ඔහු අන්සතු බැවින්  ........
නමුත්
ඔහු මා සතු කරගෙන ඇති අතර,
තවෙකෙකු
මා හට පෙම් බැඳ ඇත.
එනමුදු
ඔහුට පුදන්නට ප්‍රේමයක්
මා සතුව නැත
මා ද අන්සතු බැවින්   ..............

Friday, January 28, 2011

කඳුල!

සකල ලෝකයේ සුන්දරම වස්තුන් නිසා    
මිනිසා ලබන එකම දයාදය කඳුලය .......
!

මලක් වන්නට පැතුවෙමි


යෞවනය සිහිනයකි   ,
ආත්මය කඳුලු ගංඟාවකි  ,
ප්‍රාර්තනාවන් උඩුසුලඟේය
මලක් වන්නට පැතුවෙමි  ,
එහෙත්  -------
පිනැති මිනිසුන් නොවේනම්
ආවට වඩා යායුතු දුර බොහෝය
දඩබිම මැදින් වැටී ඇති මවතේ  ,
නොමිනිස් කම්වල
මල්පිපී සැලේ ,
පන්හිඳ දෝතට ගෙන
එමල් තලන්නට   - ශක්තිය පතමි ඔබෙන්
පිපෙන්නට දහසකුත් කැකුලු
පිනැති උන් පය ගහන
මවතේ   -------------      ''

හිමිනැති වසන්තයක්!

ජීවිතයේ ඉඩෝරය
මට කඳුලක් උනදා
සිත----
ඔබ ඇයි  ?
හිමිනැති වසන්තයක්
පිලිබඳ සිහින මැවුවේ    ---------

Thursday, January 27, 2011

තනිඋනා සබඳ මා

ගිම්හානය පැමින ඇත
හිරු සඳුද මිලින වී
ලොවම ගන දුරු ‍රැයක
ඔබ මගෙන් වෙන් වෙලා
ගිය දිනෙ ඇගෙ ලොවට
තනිඋනා සබඳ මා
අඳුරු දුක්මුසු ලොවක

ස්තූතී පැමිනි ඔබ සැමට. නැවත එන්න!!!